කාර්යබහුල ජන සමාජයක රාජකාරි හා දෛනික කටයුතු දෙකම සමබරව කරගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබියදී වියපත් දෙමව්පියන් මගහැරෙන බව සැබෑය. එහෙත් අපට බොහෝ විට කල්පනා නොවන දෙයක් නම් ඔවුන්ටද ආශාවල් සහ විනෝදාත්මක සිතිවිලි ඇති බව.
ජීවත්වීම ඔවුන්ගේ අවශ්‍යතාවයයි
වැඩිහිටියන් පිළිබඳ කරන ලද අධ්‍යයනයන් මගින් හෙළිවී ඇත්තේ වයස සමග කාංසාව වැඩිවිය හැකි බවයි. එසේම කායික හා චිත්තවේගීය සත්කාරද ඔවුන්ට අවශ්‍ය වේ. වියපත් අප ආදරණීයන්ගේ අවශ්‍යතාවයන් ලබාදීම තුළින් පසුකාලීනව ඔවුන් ශක්තිමතුන් හා සමාජයට වැඩදායක අය බවට පත්විය හැකි බව මතකතබා ගන්න.
ඔවුන් හා කතාකරන්න
දරුවන්ට කරදර කිරීමේ චේතනාවක් ඔවුන් තුළ නොවන නිසා ඔබ ඔවුන් ඇමතිය යුතුය. සමහර විට තනිවම යම් යම් වැඩ කරගත නොහැකි නිසා උදව්කාරයකු අවශ්‍ය විය හැකිය.
ඔවුන් තවමත් මානසික සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමුකරන බවත් දෛනික චර්යාවක් ඔවුන්ට අවශ්‍ය බවත් සාකච්ඡා තුළින් අවබෝධ කරගන්න. ඔවුන්ගේ ජීවිත තවදුරටත් මන්දගාමී හෝ ඒකාකාරී නොවන බව ඔවුන්ට ඒත්තු ගන්වන්න.
ඔවුන්ද අපගේ පවුලයි
ඉපදුන මොහොතේ සිට ඔබගේ වැරදි සහ ජයග්‍රහණ හමුවේ ඔබ සතුටින් තැබීම සඳහා බොහෝ දේ කැපකරමින් ඔවුන් ඔබ සමගම රැඳී ඇත. දෙමව්පියන් ඔබව එක පවුලක සේ සැළකූ ආකාරයටම දෙමව්පියන්ද එකම පවුලක් ලෙස සැලකීම ඔබගේ යුතුකමයි.
රෝගාබාධවල ගොදුරුවීමට ඇති ඉඩකඩ වැඩියි
වයසටයත්ම කායික හා මානසිකව අස්ථායී වේ. රුධිර පීඩනය, හෘදයාබාධ, දියවැඩියාව සහ සන්ධි ප්‍රදාහය යනු ඔබ නොසැලකිලිමත් වන්නේ නම් මහලු වියේදී දෙමව්පියන් ගොදුරුවිය හැකි ප්‍රධාන රෝග කිහිපයකි.
ඔවුන් ඔබට ලබාදෙන්නේ වටිනාකම් ගැන අවබෝධයයි
ඔවුන් ඔබට වඩා බොහෝ වූ අත්දැකීම් වලට මුහුණ දී ඇත. දේශපාලනික, සමාජයික සහ ආර්ථික වාතාවරණ ගැන ඔවුන් ලබා ඇති අත්දැකීම් අතීතයට මුසුවී ඇති හෙයින් නැවත ඔබට ලබාගැනීමට නොහැකි බව සිතන්න.
හැකි පමණ ඔවුන්ගෙන් ඉගෙන ගන්න. ඔබගේ දරුවන්ටද ඔවුන්ගේ ප්‍රවේශය වැදගත්ය. දරුවන්ට කියාදීමට ඔවූහු ආදරයෙන් බලාසිටිති. එසේනම් දෙමව්පියන් ආදරයෙන් රැකගනිමින් ඔවුන්ගෙන් ලබාගත හැකි සමාජ අත්දැකීම් හා සාරධර්ම වෙත විවෘත වෙන්න.
ජීවත්වීමේ අරමුණ ඔවුන්ට දැනෙන්න සලස්වන්න
ඔබ කිසියම් කාර්යයක නිරත වන්නේ අරමුණක් ඇතිවය. අරමුණකින් තොරව ගෙවන ජීවිත අසාර්ථක වන අතර දුංඛිත වේ. බියෙන් හා අවිනිශ්චිතතාවයෙන් පිරී ඉදිරි දින දෙස බලා සිටින දෙමව්පියන් ඇති සමාජයක් කෙසේ නම් යහපත් වන්නේද? ඔවුන් ගැන විමසන්න. ඔවුන්ගේ කනස්සල්ල සමනය කිරීම පසුකාලීනව ඔවුන්ගේ ජීවිත තෘප්තියෙන් හා සතුටින් පිරවීමට හේතුවේ. එය ඔබ කරන මහඟු සේවයකි.
අයිතිය ගැන හැඟීමක් දනවන්න
අයිතිය ගැන හැඟීම ඔබට මෙන්ම වැඩිහිටියන්ටද තෘප්තිය ගෙන එයි. ඔබ ඔවුන්ට අයිතිවීම ඔවුන්ගේ සතුටය. සමාජයද ඔවුන්ට අයිතිය.
ඔවුන් සමාජයෙන් කොන් වී ඇති බවක් ඔවුන්ගේ සිත් තුළ ඇති නොකරන්න ඔවුන් හා නිතිපතා ඇසුරු කිරීමෙන් ඔවුන් සවිබල ගැන්විය හැකිය.
ඔවුන්ගේ කාලය කෙටිය, උසස් ජීවන තත්ත්වයක් ඔවුන්ට අවශ්‍යය
තම ඉදිරි ජීවිත කාලය කෙටි බව ඔවූහු දනිති. එම කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම ඔවුන්ගේ තෘප්තියයි. අධ්‍යාපනය හෝ වෙනයම් කාර්යයක් ඔවුන්ට අවශ්‍ය විය හැකිය. ඒ වෙනුවෙන් ඔවුන්ට උපකාර කරන්න.
කාලය අවසන් නිසා ඔවුන් කුමක් කරන්නද යන හැඟීම බැහැර කරන්න. ජීවත්වන සෑම දිනයක්ම බලාපොරොත්තු ඇතිකරවන ප්‍රීතිමත් දිනයක් කිරීම ඔබගේ වගකීම හා යුතුකම වන්නේය. හැකිනම් වෘත්තීය ජ්‍යෙෂ්ඨ සත්කාර සේවයක ආධාර ලබාගන්න.
(https://aimshealthcare.ae/ ඇසුරෙන්)
සුනිල් අල්ගම ✍️