කැරොලයිනා ෂිනෝ 56 වැනි රූ රැජින ලෙස කිරුළ ලබා ගත් සුරූපි තරුණියකි. ඇගේ පියාගේ දික්කසාදයෙන් පසුව මව ජපානයට සංක්‍රමණය වනවිට ෂිනෝගේ වයස අවුරුදු 5 කි. පියා යුක්රේන ජාතිකයෙකු වීම නිසා ෂිනෝ ජපන් රූ රැජින ලෙසින් කිරළු දැරීම නුසුදුසු බවට වූ ආන්දෝලනයක් ඇති විය. යුරෝපීය සම්භවයක් ඇති ෂිනෝ ජපානයේ ලස්සන සංකේතවත් කිරීමට සුදුස්සෙක් නොවන බව ඇයට එරෙහිව චෝදනා නැගු අයගේ මතය විය.
ඒ අතර ඇයට හිතවාදී කණ්ඩායම් විසින් ඇගේ යුරෝපීය සම්භවය මේ කිරුල දැරීම වෙනුවෙන් කිසිදු බාධාවක් නොවන බවට වූ තර්ක ගොඩනගන්නට විය. ඇයට ජපන් භාෂාව චතුර ලෙස කතා කිරීමට හැකි නම්, ඇයට ජපන් රුවට ආවේණික ලක්ෂණ තිබේ නම් සහ වයස අවුරුදු පහක පමණ බාල කාලයේ පටන් මේ වනතෙක් ජපානයේ වාසය කරනවා නම් ඊටත් වඩා අවශ්‍ය සුදුසුකම් මොනවාදැයි බොහෝ දෙනා තර්ක කළා. ඒ කෙසේවෙතත් ෂිනෝ ටෝකියෝ නුවර පැවැති Miss Japan Grand Prix තරගයෙන් ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූවාය.
නමුත් කිරුළ ගිලිහෙන ලකුණු
කැරොලිනා ෂිනෝ හිස පැළඳි කිරුළ දැන් ගිලිහෙන ලකුණු පහළ වෙමින් ඇත. ඇය ජපානයේ වෛද්‍යවරයෙකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන බවට පුවත් මැවී ඇත. Shukan Bunshun ටැබ්ලොයිඩ් පුවත්පත් මගින් මේ ගැන ප්‍රසිද්ධියේම කතා බහ කරති.
මෙම වෛද්‍යවරයා විවාහකයි. දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. ඔහු ඇයට වඩා වසර 19 ක් වැඩිමහල්ය. වෛද්‍ය වෘත්තියට අමතරව විනෝදාස්වාදන ආයතනයක් පවත්වාගෙන යන බවත් වාර්තා වී තිබේ.
ෂිනෝ සහ වෛද්‍යවරයා අතර කාලයක පටන් වූ ඇසුරක් පැවැති බැව් වාර්තා වේ. ඔවුන් එකට ආහාර ගත් අවස්ථාවන් ගැන ආරංචි පැතිරෙන විට එය නවතා ඇත. නමුත් වෛද්‍යවරයා සිනෝගේ නිවසට යෑම නවතා දැමුයේ නැත.
ඒ කෙසේ වෙතත් ජපානය නියෝජනය කරන කාන්තාවක විසින් මේ අන්දමින් අනියම් ඇසුරක් පවත්වාගෙන යන්නේ නම් එයින් ජපානයටම අපකීර්තියක් ඇති වන බවට බොහෝ දෙනා තර්ක කරති.

මේ තත්ත්වය නිසා ඇගේ හිස පැළඳි කිරුළ ගලවා බාර දීමට සිදු වන බවට Miss Nippon Association සමාගමේ සභාපති Hiroe Yamashita විසින් සඳහන් කර තිබේ.
යුරෝපීය සම්භවයක් තිබුණත් අපි ඇයගේ ජපන් ලස්සනට ආවේණික රුව ලස්සන අගය කළා. සැබැවින්ම ඇය ජයග්‍රහණය කළා. ඒ වගේම ආසියාතික රටක ජීවත් වන විට සංවරශිලීත්වය අගය කිරීම අනිවාර්යයි.
නමුත් ෂිනෝ එය අමතක කළා නම් මේ පැතිරෙන ආරංචි සත්‍යක් නම් රුව ලස්සන තිබුණත් ඇය ජපානයේ ලස්සනම කාන්තාව ලෙසින් කිරුළක් දැරීමට සුදුසු නැති බැව් Hiroe Yamashita වැඩි දුරටත් සඳහන් කරනවා.

මේ ගැන අදහස් දක්වමින් ෂිනෝ ඇගේ මෝස්තර නිරූපන සමාගම වන “Free Wave Co ” වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේ “මම මේ වෛද්‍යවරයා ආශ්‍රය කළ බව ඇත්ත.
නමුත් ඔහු විවාහක බැව් දැනගත් පසුව මම ඒ සම්බන්ධය නවතා දැම්මා. දැන් මගේ කිසිම සම්බන්ධයක් නැහැ.
කොහොම වුණත් ඔබේ තීරණය මට වෙනස් කරන්න බැහැ. මගෙන් සිදුවුන වරද ගැන ජපානයෙන්ම සමාව ඉල්ලා සිටිනවා. ඒ වගේම මගේ පෙම්වතාගේ
බිරිඳ සහ දරුවන් මට සමාව දේවි කියලා හිතනවා. ඒ විතරක් නොවෙයි, දින කීපයකට හෝ Miss Japan කිරුළ හිස දැරීම වෙනුවෙන් මට සහයෝගය දුන් අයට වගේම මා මෙම තරගයට නුසුදුසු යැයි මතයක් ගොඩනැගු හැම දෙනාටමත් ස්තුතියි.
මේ ගැන බොහෝ දෙනා අදහස් දක්වා ඇති අතර බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ. ඔබේ පෞද්ගලිකත්වය කිරළ අහිමි වීමට හේතුවක් නොවේ. නමුත් මේ ජපානයයි. (This is Japan)
(Mail on line ඇසුරෙන්)
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️