අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බා සිසිල්වූ නූඩ්ල්ස් ග්‍රෑම් 200
- දිග සිහින් තීරු කපා ගත් කුකුල් මස්කුඩාවට කපා ගත් සැල්දිරි කෝප්ප 1 කපාගත් ගෝවා
- කපාගත් ලූනු කොළ කොප්ප 1/2
- චොප් කරගත් ලූනු
- චොප් කරගත් සුදු ලූනු මේස හැඳි 2
- චොප් කරගත් ඉඟුරු මේස හැඳි 2
- බටර් මේස හැඳි 2 හෝ තෙල් කප් 1/4
- සෝයා සෝස් මේස හැඳි 3
- ඔයිස්ටර් සෝස් මේස හැඳි 2
- සීනි තේ හැඳි 1
- කෝන් පිටි මේස හැඳි 1
- කෑලි මිරිස් තේ හැදි 1/2
- ගම්මිරිස් තේ හැදි 1/2
සාදාගන්නා ආකාරය
මුලින්ම සෝස් එක හදාගනිමු
බෝල් එකකට සෝයි සෝස්, ඔයිස්ටර් සෝස්, සීනි සහ කෝන් පිටි එකතු කරගන්න. හොඳින් මිශ්‍ර වන තෙක් කලවම් කර පසෙකින් තබන්න.
ඊළඟට නූඩ්ල්ස් හදා ගනිමු
භාජනයක් ලිප තබා බටර් එකතුකර දියවෙන්න හරින්න. එයට කුකුල්මස් එකතු කර සාදාගත් සෝස් මිශ්‍රණයෙන් මේස හැඳි දෙකක් පමණ දමන්න. දැන් කුකුල්මස් ටික දෙපැත්ත පෙරලා රන්වන් පැහැ වන තෙක් විනාඩි පහක් පමණ බැදගන්න. ඉන්පසු එයට සුදු ලූනු සහ ඉඟුරු එකතු කර බැදගන්න.
ලූනු එකතු කර තවත් මිනිත්තු දෙකක් බැදගන්න. ඉන්පසු සැල්දිරි, ගෝවා කෑලි මිරිස් සහ ගම්මිරිස් උඩින් දමා හොඳින් කලවම් කරමින් විනාඩි දෙක තුනක් තෙම්පරාදු කරගන්න. ඉන්පසු නූඩ්ල්ස් දමාකලවම් කර නූඩ්ල්ස්වලට උඩින් සාදාගත් සෝස් මිශ්‍රණය දමා හොඳින් මිශ්‍ර කරන්න. ලූනු කොළ දමා කළවම් කර ලිපෙන් ඉවත් කරගන්න.
