අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි ග්‍රෑම් 500
- සීනි ග්‍රෑම් 5
- මාගරින් ග්‍රෑම් 50
- බිත්තරයක්
- යීස්ට් ග්‍රෑම් 7
- රස අනුව ලුණු
ෆිලින්ග් එකට අවශ්‍ය ද්‍රව්‍ය
- පොඩි සැමන් ටින් 1
- අල ග්‍රෑම් 250
- ලූනු ග්‍රෑම් 250
- චොප් කරගත් අමුමිරිස්
- මිරිස්කුඩු ස්වල්පයක්
- රස අනුව ලුණු සහ ගම්මිරිස්කුඩු
සාදාගන්නා ආකාරය
ෆිලින්ග් එක හදන්න අල හොඳින් සෝදා තම්බා පොඩි කරගන්න. සැමන් ටිකද කටු ඉවත් කර අතින් හොඳින් පොඩි කරගන්න. තෙල් රත්වූ පෑන් එකකට කපාගත් ලූනු සහ අමුමිරිස් දමා තෙම්පරාදු කරගන්න. එයටම පොඩි කරගත් අල සහ සැමන් දමා කලවම් කර මිරිස්කුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු එක් කර තෙම්පරාදු කරගන්න. බනිස් එක හදන්න මුලින්ම පිටි, සීනි, මාගරින්, යීස්ට් සහ ලුණු දමා කලවම් කර වතුර ස්වල්පයක් එකතු කර විනාඩි 15 ක් පමණ හොඳින් අනාගෙන ඩෝ එක සාදා ගන්න.
එය දෙගුණයක් සයිස් වනතුරු උණුසුම් තැනක පිපෙන්න හරින්න. පිපුණ ඩෝ එකෙන් ග්‍රෑම් 100 වගේ කෑලිවලට කඩලා පැය බාගයක් වගේ පිපෙන්නට තබන්න. හොඳින් පිපුණු පිටි ගුලි අරගෙන රොටියක් හදන විදියට ලෑල්ලක් මත තුනී කරන්න.
දැන් තුනී කර ගත් ඩෝ එකේ හරි මැදට කලින් තෙම්පරාදු කර ගත් සැමන් මිශ්‍රණය දාමා ත්‍රිකෝණාකාර හැඩයට නවා ගන්න. මේ ආකාරයට පිටි ගුලි සියල්ලම සාදා මාළු පාන් ගෙඩියේ මතුපිට බිත්තර සාරු තවරා බේකින් ට්‍රේ එකේ විනාඩි 15 ක් තියෙන්න හරින්න. විනාඩි 15 කට පසු සෙල්සියස් අංශක 180 ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 20 ක් පමණ බේක් කරගන්න.
