අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි කිලෝග්‍රෑම් 1
- සීනි ග්‍රෑම් 100
- මාගරින් ග්‍රෑම් 100
- ජෑම් ග්‍රෑම් 50
- ඊස්ට් ග්‍රෑම් 15
- බී හයිව් මාගරින් ස්වල්පයක්
- රස අනුව ලුණු ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
මුලින්ම පාන්පිටි, සීනී, මාගරින් සහ ඊස්ට්වලට ලුණු හා වතුර එක් කරගෙන හොඳින් අනාගන්න. දෙගුණයක් සයිස් වෙනකම් උණුසුම් තැනක පිපෙන්න තියන්න. දැන් ග්‍රෑම් 75 ක පමණ කැබලිවලට කඩා ආයෙම පැයක් පමණ කාලයක් පිපෙන්නට තබන්න.
දැන් හොඳින් පිපුණු ඩෝ කැබලි ගෙන රවුම් හැඩයට සාදා මැදින් ජෑම් තබා දෙකට නවා හොඳින් වටේ තද කර සීල් කරගන්න. උඩින් වතුර හෝ කිරි ආලේප කර සීනි ඉසගන්න. විනාඩි 15 ක් පමණ ටේ්ර එකේ පිපෙන්න තබා ප්‍රී හීට් කරගත් අවන් එකක සෙල්සියස් අංශක 180 ක උෂ්ණතිවය යටතේ විනාඩි 20 ක් පමණ බේක් කරගන්න.
