අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි කිලෝග්‍රෑම් 1
- සීනි ග්‍රෑම් 100
- ඊස්ට් ග්‍රෑම් 15
- මාජරින් ග්‍රෑම් 100
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
මුලින්ම පිටි, සීනි, මාගරින් හා ලුණු කලවම් කරගන්න. ඊස්ට් ලා රස්නෙ වතුරෙන් දියකර පිපෙන්න තියලා පිටි එකට කලවම් කරගන්න. හොඳට අතේ නොඇලෙන පදමට වතුර ටික ටික එක්කර අනාගෙන පිටි මෝලියක් සාදාගන්න. පසුව එය දෙගුණයක් සයිස් පිපෙන්නට තියන්න.
හොඳින් පිපුණු පිටි මෝලිය ග්‍රෑම් 100 කුඩා කෑලිවලට කඩා ගන්න. එම කෑලි පැය බාගයක් පමණ යලි පිපෙන්නට තියලා දික් අතට තුනී කරගෙන අග ඉඳලා රෝල් කරලා කිඹුලා බනිස් හැඩය හදාගන්න. හදාගත් බනිස් ආයෙම පැය භාගයක් පිපෙන්නට තියන්න. බනිස් ගෙඩියේ මතුපිට කිරි හෝ වතුර ආලේප කර සීනි ඉසින්න. සීනි තෑවරූ කිඹුලා බනිස් සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වය යටතේ ප්‍රීහීට් කරගත් අවන් එකක විනාඩි 20 ක් පමණ බේක් කරගන්න.
