අවශ්‍ය ද්‍රව්‍ය
- පීනට් මේස හැඳි 1
- කජු මේස හැඳි 1
- ආමන්ඩ් මේස හැඳි 1
- පිස්ටාචියෝ මේස හැඳි 1
- රේසින් මේස හැඳි 1
- වියළි චෙරි මේස හැඳි 1
- ඇට ඉවත්කළ රටඉඳි 3
- ඩෙසිකේටඩ් කොකනට් මේස හැඳි 1
- කිරි කෝප්ප 1 1/2
- කරදමුංගු කුඩු තේ හැඳි 1/4
- මී පැණි මේසහැඳි 1
- කුඩුකරගත් ආමන්ඩ්, කජු වැනි නට්ස් ස්වල්පයක්
- අයිස්කැට 5-6
සාදාගන්නා ආකාරය
බෝල් එකකට පීනට්, රටකජු, ආමන්ඩ්, පිස්ටාචියෝ, රේසින්, වියළි චෙරි, රටඉඳි, ඩෙසිකේටඩ් කොකනට් හා කිරි කෝප්ප 1/2 ක් දාලාකලවම් කරලා පැය 2 ක් පෙඟෙන්න තියන්න. ඊළඟට මේකට කරදමුංගු කුඩු, මී පැණි හා ඉතිරි කිරි ටික දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ග්ලාස් එකකට අයිස්කැට දාලා මිල්ක්ශේක් එක දාලා උඩින් කුඩුකරගත් නට්ස් ටික දාගන්න.
