අවශ්‍ය ද්‍රව්‍ය
- කජු ග්‍රෑම් 500
- සුදු ලූනු ග්‍රෑම් 10
- රතු ලූනු ග්‍රෑම් 50
- අමු මිරිස් කරල් 4
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
- බැදපු තුනපහ තේ හැඳි 1 /2
- දිය කිරි අඬුකෝප්ප 3
- මිටි කිරි අඬුකෝප්ප 1
- උළුහාල් තේ හැඳි 1/2
- කුරුඳු පොතු කැබලි 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
කජු පැය දෙකක් පමණ පෙඟෙන්නට හැර ලූනු, සුදු ලූනු, අමු මිරිස් සිහින්ව කපාගන්න. තෙල් රත් වූ පෑන් එකකට පොඟවාගත් කජු හා කපාගත් සියල්ල එක්කර මද වේලාවකට පසුව බැදපු තුනපහ, ගම්මිරිස්, ලුණු එකතුකර තෙම්පරාදු කරගන්න. දිය කිරි දමා කජු තැම්බුනු පසු මිටි කිරි එක්කර උතුරවාගන්න.
