අවශ්‍ය ද්‍රව්‍ය
- කිරී සම්බා හාල් කිලෝග්‍රෑම් 1
- තලාගත් සේර ගස් 2
- දුන්තෙල් මේස හැඳි 4
- ගම්මිරිස් ඇට 10
- කරපිංචා ඉති 2
- සිහින්ව කපාගත් රතු ලූනු ග්‍රෑම් 50
- සිහින්ව කපාගත් ඉඟුරු ග්‍රෑම් 50
- කහ කුඩු තේ හැඳි 1 /2
- කරාබුනැටි, එනසාල් 6
- පොල් කිරි අඬුකෝප්ප 1
- රස අනුව ලුණු
- අවශ්‍ය පමණට වතුර
සාදාගන්නා ආකාරය
හාල් හොඳින් සෝදා වතුර පෙරාගන්න. ළිප තැබූ භාජනයකට දුන්තෙල් එකතුකර රත් වූ පසුව පොල් කිරි හැර අනෙකුත් සියලුම ද්‍රව්‍ය දමා තෙම්පරාදු කරගන්න. මද වේලාවකට පසුව සෝදාගත් සහල්, පොල් කිරි හා වතුර දමා පිසගන්න.
