අවශ්‍ය ද්‍රව්‍ය
- දැල්ලන් ග්‍රෑම් 750
- ලූනු ග්‍රෑම් 250
- මාළු මිරිස් ග්‍රෑම් 100
- තක්කාලි ග්‍රෑම් 100
- කෑළි මිරිස් තේ හැඳි 2
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1
- මුරුංගා කොළ ග්‍රෑම් 30
- පොල් තෙල් මේස හැඳි 3
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
දැල්ලන් සිහින්ව කපා ලුණු හා ගම්මිරිස් දමා සීසන් කරගන්න. තෙල් රත් වූ පෑන් එකකට ලූනු, මාළු මිරිස් සිහින්ව කපා එක්කර මද වේලාවකට පසුව ලුණු, ගම්මිරිස්, කෑළි මිරිස් දමාගන්න. සීසන් කරගත් දැල්ලන්, මුරුංගා කොළ හා තක්කාලි එකතුකර තෙම්පරාදු කරගන්න.
