අවශ්‍ය ද්‍රව්‍ය
- චිකන් බ්රෙස්ට්ස් ග්‍රෑම් 400
- ලුණු තේ හැඳි 1
- සුදු ගම්මිරිස් තේ හැඳි 1/2
- මිරිස්කුඩු තේ හැඳි 1
- විනාකිරි තේ හැඳි 1
චිකන් කෝට් කරගැනීමට
- පාන්පිටි කෝප්ප 1
- පාන්කුඩු කෝප්ප 1
- ගම්මිරිස්කුඩු
- මිරිස්කුඩු
- වියලි ඔරිගානො
- බිත්තර 2
සාදාගන්නා ආකාරය
චිකන් ටික පොඩි පොඩි කැබලිවලට කපලා ලුණු ඉසගන්න. එයට ගම්මිරිස් කුඩු, මිරිස්කුඩු, විනාකිරි දාලා මැරිනේට් වෙන්න පැය 2-3 ක් වගේ තියන්න. ඒ අතරතුර චිකන් ටික කෝට් කරගන්න පිටි මිශ්‍රණය හදාගන්න. දැන් කෝට් එකට අවශ්‍ය බිත්තර හැර අනික් සියල්ලම දාල හොඳට මිශ්‍ර කරගන්න. බිත්තර දෙක බෝල් එකකට කඩල දාගෙන පොඩ්ඩක් ගෑරප්පුවකින් ගසාගන්න. මැරිනේට් කරගත් චිකන් ටික බිත්තරවල දවටල, පාන්පිටි මිශ්‍රණයේ තවරල, ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බැදගන්න.
