අවශ්‍ය ද්‍රව්‍ය
- කටු ඉවත් කළ මාළු ග්‍රෑම් 500
- මිරිස්කුඩු තේ හැඳි 1
- රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
- කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
- ඉඟුරු හා සුදු ලූනු පේස්ට් මේස හැඳි 1
- දෙහි බෑයක යුෂ
පාන්පිටි මිශ්‍රණයට
- පාන්පිටි ග්‍රෑම්120
- රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
- ඔරිගානෝ ස්වල්පයක්
- ගාලික් පවුඩර් තේ හැඳි 1/2
කෝට් කිරීමට
- බිත්තර 2
- බිස්කට් කුඩු කෝප්ප 1
සාදාගන්නා ආකාරය
මාළු ටික දිග අතට කපා මිරිස්කුඩු, ලුණු, ගම්මිරිස්කුඩු, කොත්තමල්ලි කුඩු, ඉඟුරු, සුදු ලූනු සහ දෙහි යුෂ දාලා අනා පැයක් පමණ මැරිනේට් කරගන්න. පාන්පිටි මිශ්‍රණයට අවශ්‍ය සියල්ලම දාලා කලවම් කරගන්න. දැන් මැරිනේට් කරගත් මාළු පාන්පිටිවල තවරලා බිත්තර සාරු ගාලා බිස්කට් කුඩු තවරගන්න. ගැඹුරු තෙලේ රන්වන්පාට වෙනකල් බැදගන්න.
