අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බා ගත් බිත්තර 5
- තම්බාගත් කුකුල් මස් ග්‍රෑම් 250
- චොප් කරගත් සුදු ලූනු බික් 4- 5
- චොප් කර ගත් කොත්තමල්ලි කොල
- රස අනුව ලුණු හා ගම්මිරිස්
- අබ සෝස් මේස හැඳි 1
- බීට් කර ගත් බිත්තර 1
- බිස්කට් කුඩු
සාදාගන්නා ආකාරය
මුලින්ම තම්බා ගත් කුකුල් මස් හොඳින් අඹරා ගන්න. එයට සුදු ලූනු, අබ සෝස්, කොත්තමල්ලි කොළ, ලුණු සහ ගම්මිරිස් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. මිශ්‍රණය පැය බාගයක් පමණ ශීතකරණයේ තබන්න. ඉන්පසුව තම්බාගත් බිත්තර වටා මේ මිශ්‍රණය දවටා බීට් කර ගත් බිත්තරවලද, පාන් කුඩුවලද දවටා ගැඹුරු තෙලේ බැදගන්න.
