අවශ්‍ය ද්‍රව්‍ය
- තරමක් ලොකු තුනට කපාගත හැකි වම්බටු ගෙඩි 02
- තම්බා ගත් මාළු හෝ සැමන් ග්‍රෑම් 450
- ලියාගත් ලොකු ලූනු 1/2
- ලියාගත් අමුමිරිස් කරල් 02
- ලියාගත් සුදුලූනු ගෙඩි 02
- ලියාගත් කරපිංචා ස්වල්පයක්
- කෑලිමිරිස් ස්වල්පයක්
- ඔලිව්තෙල් මේසහැදි 03
- පාන්කුඩු ස්වල්පයක්
වම්බටු පිරවුම සාදාගන්නා ආකාරය
නටුව අයින් කර සෝදා ගත් වම්බටු ගෙඩිය තුනට කපා එම කොටස් දෙකට පලා ගන්න. දෙකට පලාගත් වම්බටුවල මැද කොටස මදක් ඉවත්කරන්න. ඉවත්කර ගත් මැද කොටස් සියල්ලම හීනියට කපා පසෙකින් තබාගන්න.දැන් භාජනයක් ළිපතබා තෙල් වත්කර ලියාගත් ලූනු, අමුමිරිස්, සුදුලූනු සහ කරපිංචා එකතුකර ලුනු රන්වන් පැහැය වනවිට කපාගත් වම්බටුවල මැද කොටස් එකතුකර මදක් මැලවෙන්න් හරින්න. තම්බාගත් මාළු හෝ සැමන් අතින් කුඩුකර ළිපේ ඇති මිශ්‍රණයට එකතුකර කෑලිමිරිස් සහ ලුණු කුඩු දමා හොඳින් මැලවෙන විට පාන් කුඩු ස්වල්පයක් එයටම කලවම්කර ළිපෙන් ඉවත් කර නිවෙන්න හරින්න.
වම්බටු මැද අයින්කර ගත් කොටසක් ගෙන මාළු පිරවුම එම කෙටසට පුරවා පාන් කුඩු අතුරා තැටියකින් තබන්න. සියළුම කොටස් එසේ සකසා ගැනීමෙන් පසු ඔලිව්තෙල් හෝ කැමති තෙල් ටිකක් තැටියේ ඇති පිරවුම් සියල්ලම මත දමා සෙල්සියස් අංශක 180 කට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 30 ක් පමණ වේලා පිස එයින් ඉවත් කර ආහාරයට ගන්න. නන්ස්ටික් පෑන් එකක් භාවිත කර තෙල් ස්වල්පයක් රත් කර නොගැඹුරු තෙලේ බැද ගැනීමටද හැකියි.
