අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බා ගත් ස්පැගටි ග්‍රෑම් 100
- කපාගත් දැල්ලන් ග්‍රෑම් 300
- දෙකට කපාගත් බේබි තක්කාලි ගෙඩි 4
- කොටුවට හැඩයට කපාගත් බෙල්පෙපර් ගෙඩි 1
- සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ කෝප්ප 1
- තක්කාලි සෝස් කප් 1/2
- ඔලිව් ඔයිල්
- කපාගත් සුදු ලූනු බික් 2
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
භාජනයකට ඔලිව් ඔයිල් ටිකක් දාලා ළිපේ තියන්න. දැන් මෙයට සුදු ලූනු එකතු කර යාන්තමට බැදෙනකොට කොත්තමල්ලි කොළ ටික දාගන්න. ඊළඟට දැල්ලන් එකතුකරගන්න. දැල්ලන් ටික කුක් වෙන්න ටික වෙලාවක් වහලා තියලා තක්කාලි ටික එකතුකරගන්න.
පසුව කපාගත් බෙල්පෙපර් එකතු කර කලවම් කරලා විනාඩි 10 ක් පමණ වසා තබන්න. ඊට පස්සෙ තක්කාලි සෝස් එකතු කරලා කලවම් කරන්න. මේකට වතුර කෝප්ප 1/2 ක් වගේ එකතු කර හොඳට උතුරනකල් වහලා තියන්න. ඊළඟට ලුණු දාලා අන්තිමට ස්පැගටි ටික එකතු කර විනාඩි 10 ක් වගේ වහලා තියලා අරන් කෑමට ගන්න.
