අවශ්‍ය ද්‍රව්‍ය
- කංකුං මිටි 2
- ලූනු ගෙඩි 1
- සුදු ලූනු බික් 4
- අමුමිරිස් කරල් 4
- සෝයා සෝස් තේ හැඳි 2
- තක්කාලි සෝස් තේ හැඳි 2
- රස අනුව ලුණු හා ගම්මිරිස්
- පොල්තෙල් මේස හැඳි 1
සාදාගන්නා ආකාරය
භාජනයක් ළිප තබා පොල්තෙල් එකතු කර එයට ලූනු, සුදු ලූනු සහ අමුමිරිස් එකතු කර තෙම්පරාදු කර ගන්න. මද වේලාවකට පසුව කංකුං ටිකත් තෙම්පරාදුවට එකතු කර එයටම සොයා සොස්, තක්කාලි සොස්, ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩු එකතු කර විනාඩි 2 ක් පමණ තෙම්පරාදු කරගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/12/chathini-wasana-1.png)