අවශ්‍ය ද්‍රව්‍ය
බ්ලූබෙරි කෝප්ප 1
රාස්බෙරි කෝප්ප 1 1/2
බ්ලැක්බෙරි කෝප්ප 1 1/2
සීනි කෝප්ප 1/2
සැන්ඩ්විච් පෙති පාන් ගෙඩියක්
හෙවික්‍රීම් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
පෑන් එකකට බෙරි සියල්ල හා සීනි දාලා හැඳිගාන්න. මේක අඩු ගින්දරේ වෙන්න ඕනේ. සීනි දියවෙලා බෙරීස් පොඩිවෙලා ජෑම් එකක් වගේ වෙනකොට ළිපෙන් බාගන්න. මේක නිවෙන්න තියන්න. බෝල් එකකට බටර් ගාලා පාන්පෙතිවල වාටි කපා බෝල් එක ඇතුළෙන් අතුරගන්න මුළු බෝල් එකම වැහෙන්න.
දැන් මේකට බෙරි ජූස් එක ලේයර් එකක් දාගන්න. ආයෙ පාන් ලේයර් එකක් දාගන්න. මේ වගේ ලේයර්ස් කිහිපයක් දාලා උඩින්ම පාන්පෙති ලේයර් එකක් දාලා මේකට උඩින් කාඩ්බෝඩ් එකක් තියලා තද කරලා ෆොයිල් කොළයකින් වහලා පැය 12 ක් පමණ ශීතකරණයේ තියන්න. ෆොයිල් එක හා කාඩ්බෝඩ් එක අයින් කරලා පරිස්සමින් පුඩින් එක අනික් පැත්ත හරවා බෝල් එකෙන් අයින් කරලා උඩින් හෙවි ක්‍රීම් ටිකක් දාලා කෑමට ගන්න.