අවශ්‍ය ද්‍රව්‍ය
- කිරි කෝප්ප 3
- කොකෝවා පවුඩර් මේස හැඳි 2
- සීනි කෝප්ප 1
- වැනිලා ටිකක්
- චොප්කරගත් ඩාක් චොක්ලට් කෝප්ප 1/4
- බිත්තර 4
- කෑලි කපාගත් පාන්පෙති කෝප්ප 3
- චොක්ලට් චිප්ස් කෝප්ප 1
- විපින් ලේයර් එකට
- විප්ක්‍රීම් කෝප්ප 2
- චොප්කරගත් ඩාක් චොක්ලට් කෝප්ප 1/2
සාදාගන්නා ආකාරය
කිරි ටික පෑන් එකට දාලා කොකෝවා පව්ඩර් ටිකත් දාලා වැනිලා හා සීනි දාලා ලිපේ තියන්න. ටිකකින් චොප්කරගත් ඩාක් චොක්ලට් ටිකත් දාලා උණු කරගන්න. වෙනම බෝල් එකක බිත්තර ටික බීට් කරලා චොක්ලට් මිශ්‍රණයට දාලා කැටි ගැහෙන්නෙ නැතිවෙන්න ඉක්මණින් විස්ක් කරගන්න.
දැන් කපාගත් පාන් ටික මේකට දාලා කලවම් කරලා බටර් ගාගත් බේකින් ට්‍රේ එකකට දාලා සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වය යටතේ විනාඩි 30 ක් බේක් කරගන්න. ඩාක් චොක්ලට් ටික ඩබල් බොයිල් කර නිවෙන්න හැර විප්ක්රීම්වලට දාලා ස්ටිෆ් වෙනකල් බීට් කරගන්න. දැන් පුඩින් එකට උඩින් විපින් ෆ්‍රොස්ටින් එක දාගන්න.