අවශ්‍ය ද්‍රව්‍ය
- පිසගත් බත් කිලෝග්‍රෑම් 1
- කපාගත් ඉස්සන් ග්‍රෑම් 100
- කපාගත් දැල්ලන් ග්‍රෑම් 100
- බැදගත් මාළු ග්‍රෑම් 100
- සීනි ග්‍රෑම් 5
- රස අනුව ලුණු හා ගම්මිරිස්
- සෝයා සෝස් මිලිලීටර් 10
- ලූනු කොළ ග්‍රෑම් 50
- බඩඉරිඟු ඇට ස්වල්පයක්
- බිත්තර 4
- ඉඟුරු සුදු ලූනු ග්‍රෑම් 30
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ භාජනයකට ඉඟුරු සුදු ලූනු දමා තෙම්පරාදු කරගන්න. දැන් එයට ඉස්සන්, දැල්ලන් සහ මාළු එකතුකර කලවම් කරගන්න. බිත්තර දමා හොඳින් ස්ක්රම්බල් කර පිසගත් බත් සහ ඉතිරි සියල්ලම දමා හොඳින් කලවම් කරගන්න.