අවශ්‍ය ද්‍රව්‍ය
- වම්බටු ග්‍රෑම් 500
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 2
- පොඩියට කපා ගත් තක්කාලි 1
- සිහින්ව කපාගත් අමුමිරිස් කරල් 3-4
- රස අනුව ලුණු
- මිරිස් කුඩු තේ හැඳි 1
- දෙහි ගෙඩියක යුෂ
- ගම්මිරිස් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
වම්බටු සිහින්, දිගැටි කැබලි කපා ගැඹුරු තෙලේ රන්වන් පාට වන තෙක් බැද ගන්න. බෝල් එකකට ලූනු, අමුමිරිස්, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු, දෙහි යුෂ එකතු කර පසුව තක්කාලි හා බැදගත් වම්බටු කලවම් දමා කරගන්න.
