අවශ්‍ය ද්‍රව්‍ය
- හතු ග්‍රෑම් 250
- තෙල් මේස හැඳි 2
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1/2
- අමුමිරිස් කරල් 2-3
- වියලි මිරිස් කරල් 3-4
- රම්පෙ
- කරපිංචා ඉති 1
- ගොරකා කැබලි 1
- කුරුඳුපොතු කැබැල්ලක්
- බැදපු තුනපහ කුඩු ස්වල්පයක්
- මිරිස් කුඩු ස්වල්පයක්
- කහ කුඩු තේහැදි 1/4
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
හතු හොඳින් සෝදා වතුර ඉවත් කර අතින් කැබලිවලට කඩා ගන්න. එයට ලුණු, මිරිස් කුඩු, බැදපු තුනපහ සහ කහ එකතු කර කලවම් කර විනාඩි 10-15 ක් පැත්තකින් තියන්න. තෙල් රත් වූ පෑන් එකකට ලූනු, අමුමිරිස්, රම්පෙ, කරපිංචා, වියලි මිරිස්, ගොරකා සහ කුරුඳුපොතු දමා හොඳින් තෙම්පරාදු කර ගන්න. එයට හතු එකතුකර කලවම් කරගන්න.
