අවශ්‍ය ද්‍රව්‍ය
- කඩල පිටි ග්‍රෑම් 250
- හාල් පිටි මේස හැඳි 1
- බේකිං සෝඩා තේ හැඳි 1/2
- සීනි ග්‍රෑම් 400
- රෝස වතුර තේ හැඳි 1
- කහ කුඩු තේ හැඳි 1
- වතු කෝප්ප 1
- බැදීමට තෙල්
සාදාගන්නා ආකාරය
කඩල පිටි, හාල් පිටි සහ බේකිං සෝඩා දමා වතුර ස්වල්පයක් එකතු කර හොඳින් කලවම් කරන්න. සීනි, රෝස වතුර, කහ සහ වතුර කෝප්පය එයට දමා ළිප තබා උණු කරගන්න. තෙල් භාජනය ගෙන එම බඳුනේ තරමට තහඩුවක් ගෙන එය තැන් 3-4 න් හිල් කරගන්න.
එය තෙල් භාජනයේ උඩ තබා රත් කරන්න. එම හිල් මතට පිටි මිශ්‍රණය කැඩි කැඩි වැටෙන ලෙස වත් කරන්න. බැදිලා උඩට එනකොට පිටතට ගෙන උණු කරගත් සීනි එකට දමන්න. විනාඩි 2 ක් තිබෙන්නට හැර පිටතට ගන්න. රතු පාට අවශ්‍ය නම් මිශ්‍රණයට රතු වර්ණක එකතුකරගන්න.