අවශ්‍ය ද්‍රව්‍ය
- ඇබරැල්ලා ග්‍රෑම් 500 ට
- සිනී ග්‍රෑම් 300
- කුරුඳු කැබැල්ලක්
- එනසාල් කරල් 4
- තලාගත් ඉඟුරු කැබැල්ලක්
- වතුර
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
මුලින්ම ඇබරැල්ලා සුද්ද කරලා ගැරුප්පුවකින් ගෙඩිය සම්පූර්ණයෙන් ම සිදුරු කරගන්. කැමති නම් ගෙඩිය පොඩ්ඩක් තලලා ගන්න. සුදු සිනී ගන්නවනම් ලස්සන පාටට එන්න සිනී මේස හැඳි 3 විතර කැරමල් කරලා උණු වතුර එක්ක දිය කරගන්න.
පස්සේ ඇබරැල්ලා සිනී වතුර දියකරපු කැරමල් එනසාල්, කුරුඳු, ලුණු සහ ඉඟුරු සියල්ලම ළිප තබා මද ගින්නේ ඇබරැල්ලා ටික තැම්බාගන්න. ගානට හිදෙනකන් සැරින් සැරේ කලවම් කරගන්න. තෙත ගතිය ටිකක් තියෙද්දි ළිපෙන් ඉවත් කරගන්න. පසුවත් ඇතිලියේ රස්නෙටත් මේක ගානට හිදෙනවා.