අවශ්‍ය දේවල්
- පාන් පිටි ග්‍රෑම් 180
- බේකින් පවුඩර් තේ හැඳි 1
- දුඹුරු සීනි ග්‍රෑම් 120
- බටර් ග්‍රෑම් 50
- ඉඟුරු ඉස්ම හෝ ඉඟුරු කුඩු මේස හැදි 5
- හොඳින් චොප් කරගත් ඉඟුරු මේස හැදි 1
- හොඳින් ගසා ගත් බිත්තරයක්
- රස අනුව ලුණු
සාදන ආකාරය
පාන් පිටි සහ බේකින් පවුඩර් කලවම් කරගන්න. සීනි, ඉඟුරු ඉස්ම, චොප් කරගත් ඉඟුරු, බටර් සහ ලුණු භාජනයකට දමා ළිප තියා උකු වෙනකල් හැඳි ගාන්න. එය ළිපෙන් ඉවත්කර පාන් පිටි සහ බේකින් පවුඩර් මිශ්‍රණයට එකතුකරගන්න.
ගසාගත් බිත්තරයත් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. උණු නිසා මුලින් හැන්දෙන් කලවම් කරගෙන පස්සෙ අතින් අනා ගන්න. අතේ ඇලෙන්නෙ නැති ප්‍රමාණයට ආවම ලෑල්ලක පැතලි කරගෙන කටර් එකකින් කපාගෙන ට්‍රේ එකේ තියලා ලාවට පින්සලකින් වතුර ටිකකින් පිහදාලා සීනි ඇට ටිකක් ඉහගන්න. ප්‍රී හීට් කරගත් අවන් එකක සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්ව යටතේ විනාඩි 20 ක් පමණ බේක් කරගන්න.
