අවශ්‍ය ද්‍රව්‍ය
- නිවිති කොළ ස්වල්පයක්
- චොප් කරගත් ලූනු ස්වල්පයක්
- කිරි කෝප්ප 1
- එළවළු ස්ටොක් කෝප්ප 1
- බටර් මේස හැඳි 1
- තම්බා පොඩි කරගත් අල ගෙඩි 1
- රස අනුව ලුණු හා ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
උණු වතුර ටිකකට නිවිති ටික දාලා යන්තම් තම්බල ගන්න. නිවිති කොළ ටිකට ස්ටොක් එකයි අල ටිකයි දාලා ක්‍රීම් වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න. පෑන් එකකට බටර් ස්වල්පයක් දමා ලූනු ටික එකතු කර තෙම්පරාදු කරගන්න. දැන් මෙයට බ්ලෙන්ඩ් කරගත් නිවිති ටික එකතු කරහැඳිගාන ගමන් කිරි, ලුණු හා ගම්මිරිස් එකතු කරගන්න.