අවශ්‍ය ද්‍රව්‍ය
- ඉදුණු අලිගැටපේර ගෙඩි 1
- තක්කාලි ගෙඩි 1
- ලූනු ගෙඩි 1
- කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- අමු මිරිස් කරල් 2
- ලුණු සහ දෙහි අවශ්‍ය ප්‍රමාණයට
සාදාගන්නා ආකාරය
තක්කාලි, ලූනු, කොත්තමල්ලි සහ අමු මිරිස් සිහින්ව කපාගන්න. එයට දෙහි සහ ලුණු එකතු කරගන්න. ගෑරුප්පුවකින් අලිගැටපේර ගෙඩිය කෑලි හිටින්න පොඩි කරගන්න. මේ දෙක අවසානයේ ගෑරුප්පුවකින්ම මිශ්‍ර කරගන්න.