අවශ්‍ය ද්‍රව්‍ය
- කපා තම්බාගත් වට්ටක්කා කෝප්ප 1
- තම්බාගත් චිකන් බ්‍රෙස්ට් කෝප්ප 1/4
- රස අනුව ලුණු හා ගම්මිරිස්
- චොප්කරගත් රතු ලූනු ගෙඩි කිහිපයක්
- චොප්කරගත් සුදු ලූනු බික් 2
- බටර් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
තම්බාගත් වට්ටක්කාවල පොතු ඉවත් කර බ්ලෙන්ඩරයට දමා ගන්න. දැන් මෙයට චිකන් ටිකත් දාගෙන ක්‍රීම් වනතුරු බ්ලෙන්ඩ් කරගන්න. පෑන් එකට බටර් ස්වල්පයක් දමා දාලා ලූනු සහ සුදු ලූනු දමා තෙම්පරාදු කරගන්න. මේ මිශ්‍රණයට වට්ටක්කා චිකන් ක්‍රීම් එකත් එකතු කරගන්න. දැන් හොඳට හැඳි ගාමින් ලුණු හා ගම්මිරිස් එකතු කරගන්න.