අවශ්‍ය ද්‍රව්‍ය
- පිපිඤ්ඤා ගෙඩි 1
- ලූනු ගෙඩි 1
- තක්කාලි ගෙඩි 1
- අමු මිරිස් කරල් 1
- මී කිරි මේස හැඳි 2
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1 1/2
- රස අනුව ලුණු සහ දෙහි
- ඔලිව් තෙල් තේ හැඳි 1
සාදාගන්නා ආකාරය
පිපිඤ්ඤා, ලූනු, තක්කාලි සහ අමු මිරිස් කපාගෙන එකට මුසු කර පසෙකින් තබන්න.මී කිරිවලට ගම්මිරිස්, ලුණු, දෙහි සහ ඔලිව් තෙල් එක් කොට පසෙකින් තබන්න. අවසානයේ මේ දෙකම එක් කොට හැන්දකින් කලවම් කරගන්න.