අවශ්‍ය ද්‍රව්‍ය
- ගෝවා කොළ 5
- කපා තම්බාගත් අලගෙඩි 2
- තම්බාගත් නූඩ්ල්ස් ග්‍රෑම් 100
- දික් අතට කපා තම්බාගත් කැරට් අල 2
- චීස් කැබලි 2
- බටර් ග්‍රෑම් 50
- රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
සාදාගන්නා ආකාරය
ගෝවා කොළ උණු වතුරෙන් තම්බා ගන්න. නූඩ්ල්ස්වලට ලුණු හා ගම්මිරිස්කුඩු ඉස කලවම් කරගන්න. ගෝවා කොළ උඩ නූඩ්ල්ස් ස්වල්පයක් තබා අල, කැරට් හා චීස් කැබැල්ල බැඟින් තියලා ගෝවා කොළය ඔතලා ටූත් පීක් එකක් ගසාගන්න. රෝල් එක උඩින් බටර් බ්‍රශ් කර සෙල්සියස් අංශක 180 ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 10 ක් පමණ බේක් කරගන්න.