අවශ්‍ය ද්‍රව්‍ය
- හොඳින් ඉදුණු දෙල් ගෙඩි 1
- චිකන් රෝල්ස් ෆිලින්ග් එකක්
- පාන්පිටි ග්‍රෑම් 75
- පාන්කුඩු ග්‍රෑම් 100
- බිත්තර 2
- ගම්මිරිස්කුඩු
- ලුණු
සාදාගන්නා ආකාරය
දෙල් ගෙඩිය කෑළි කර ලුණු දමා තම්බා හොඳින් පොඩි කරගන්න. එයට පාන්පිටි ටික ටික එකතු කර අනාගන්න. දැන් එයට ගම්මිරිස්කුඩු එකතු කර අතේ නොඇලෙන පොඩි බෝල හදලා බටර් ගාගත් තැටියක තුනී කරගන්න. ඒ මැදින් චිකන් ෆිලින්ග් එක ටිකක් තියලා මිශ්‍රණය වැහෙන්න දෙල් පිරවුම වසාගන්න. දැන් මෙය ගසාගත් බිත්තරවල දවටා පාන්කුඩු තවරා ගැඹුරු තෙලේ බැදගන්න.