අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි ග්‍රෑම් 500
- බිත්තර 2
- බැදගැනීමට තෙල්
- බිස්කට් කුඩු ග්‍රෑම් 100
- රස අනුව ලුණු
- ෆිලින්ග් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් චිකන් ග්‍රෑම් 100
- චොප්කරගත් ලූනු ගෙඩි 1
- චොප්කරගත් අමුමිරිස් කරල් 1
- චොප්කරගත් ඉඟුරු සුදුලූනු පේස්ට් මේස හැඳි 1/2
- සිහින්ව කපාගත් කරපිංචා ස්වල්පයක්
- තම්බාගත් අලගෙඩි 1
- තෙල් ස්වල්පයක්
- රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ භාජනයකට ඉඟුරු හා සුදුලූනු පේස්ට් එකතු කර කලවම් කර ලූනුද දමා තෙම්පරාදු කරගන්න. මද වේලාවකට පසුව චොප්කරගත් අමුමිරිස් හා කරපිංචා දමා කලවම් කරගන්න. පොඩි කරගත් අල සහ චිකන් ටිකත් එකතු කර නැවත හොඳින් කලවම් කර ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කර ළිපෙන් ඉවත් කරගන්න.
පාන්පිටිවලට ලුණු හා බිත්තරයක් කඩා එකතුකර කලවම් කර වතුර ස්වල්පයක් දමා තික් බැටර් එකක් හදාගන්න. තෙල් රත්වූ පෑන් එකකට මේ බැටර් එකෙන් ටික ටික දාලා පෑන් කේක් එක හදාගන්න. රොටි නිවුණු පසු අයිනට සාදාගත් මිශ්‍රණය තියා එක පාරක් රෝල් කරලා දෙපැත්ත නවාගෙන ඉතුරු ටික රෝල් කරගන්න. ඊළඟට බිත්තර සාරුවල දවටා, පාන්කුඩු තවරා ගැඹුරු තෙලේ බැදගන්න.