අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි ග්‍රෑම් 100
- කෝන්ෆ්ලා ග්‍රෑම් 50
- ග්‍රේට්කරගත් ගත් කැරට් ග්‍රෑම් 50
- කපාගත් බෝංචි ග්‍රෑම් 50
- ග්‍රේට්කරගත් ගෝවා ග්‍රෑම් 50
- චොප්කරගත් ඉඟුරු සුදු ලූනු මේස හැඳි 1
- තක්කාලි සෝස් මේස හැඳි 4
- රස අනුව ලුණු හා ගම්මිරිස්
- අබ ස්වල්පයක්
- තක්කාලි සෝස් ස්වල්පයක්
- තෙල් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ භාජනයකට ඉඟුරු, සුදුලූනු දමා තෙම්පරාදු කරගන්න. ඊලඟට අබ, කපාගත් එළවළු, ලුණු, ගම්මිරිස්කුඩු හා සෝස් එකතුකර කලවම් කරගන්න.පාන්පිටි, කෝන්ෆ්ලා එකතු කරලා වතුර ස්වල්පයක් දමා තරමක දියාරු බැටර් එකක් හදාගන්න.
දැන් ලුණු එකතු කරගන්න. තෙල් රත්වූ පෑන් එකකට මිශ්‍රණයෙන් ස්වල්පය බැගින් දමා තුනී ශීට්ස් හදාගන්න. සාදාගත් මිශ්‍රණය ශීට් එකේ කෙලවරින් තියලා එක පාරක් ඔතාගෙන දෙපැත්තෙන් නවා සම්පූර්ණයෙන් ඔතාගෙන වතුර ස්වල්පයක් ගාල සීල් කරගන්න. රන්වන් පාට වෙනතුරු ගැඹුරු තෙලේ බැදගන්න.