අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි ග්‍රෑම් 450
- බේකින් පවුඩර් තේ හැඳි 1/4
- ලුණු ස්වල්පයක්
- කුඩුකරගත් සීනි ග්‍රෑම් 50
- කෑළි කපාගත් බටර් ග්‍රෑම් 100
- බිත්තර 2
- කිරි කෝප්ප 1
- ඩබල් ක්‍රීම් කෝප්ප 1
- බිත්තර 1
ෆිලින් එකට අවශ්‍ය ද්‍රව්‍ය
- ජෑම්
- ක්‍රීම් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
පාන් ටික හොඳින් හලාගන්න. එම මිශ්‍රණයටම ලුණු හා බේකින් පවුඩර් දම සීනි එකතු කර හොඳින් කලවම් කරගන්න. පසුව බටර් ටික එකතු කර අතින් කලවම් කරගන්න. මේ මිශ්‍රණය බිස්කට් කුඩු වගේ එනකල් කලවම් කරගන්න.
පසුව බිත්තරය හොඳට බීට් කර වතුර ස්වල්පයක් දමා කලවම් කර පාන් පිටි මිශ්‍රණයට දමාගන්න.දැන් කිරි හා ඩබල් ක්‍රීම් ටික දාලා කලවම් කරගන්න. දැන් ඩෝ එකක් හදලා පිටි ඉසගත් මතුපිටකට දමා අඟල් භාගෙක වගේ ඝනකමට තුනී කර රවුම් කපාගන්න.දැන් මේ ටික බටර් ගාගත් ට්‍රේ එකකට දාලා උඩින් බිත්තර සාරු ස්වල්පක් තවරාගන්න. සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වය යටතේ විනාඩි 20 ක් පමණ බේක් කරගන්න. නිවෙන්න හැර මැදින් කපා ක්‍රීම් හා ජැම් දමාගන්න.