අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි ග්‍රෑම් 500
- ඊස්ට් තේ හැඳි 1
- සීනි මේස හැඳි 1
- බටර් මේස හැඳි 2
- ලුණු ස්වල්පයක්
- තෙල් මේස හැඳි 1
- උණු වතුර ස්වල්පයක්
- ෆොයිල් පේපර්ස්
සාදාගන්නා ආකාරය
පාන්පිටිවලට ලුණු දාලා කලවම් කරගන්න. මේකට සීනි හා ඊස්ට් ටිකත් දාගන්න. බටර් ටිකත් දාලා අනන ගමන් උණුවතුර ටික ටික දාලා තෙල් ටිකත් දාලා සොෆ්ට් ඩෝ එකක් හදාගන්න. මේක හොඳට රැප් කරලා විනාඩි 45 ක් තියන්න. දෙගුණයක් පිපුණු ඩෝ එක අරගෙන හොඳට නීඩ් කරලා කොටස් දෙකකට වෙන් කරගන්න.
එක කොටසකින් බෝලයක් හදලා රවුමට තුනී කරගන්න. මේක පළල අතට තුනී කරගන්නවා නම් ගොඩක් හොඳයි. දැන් කොණක ඉඳන් රෝල් කරගෙන දිග කිඹුලා බනිස් එකක් වගේ හදාගන්න. ෆොයිල්වලින් ඝනකමට පාන් තැටිය වගේ බ්‍රෙඩ් එකේ දිගට සමාන තැටියක්, නවලා හදාගන්න.
සාදාගත් ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් ඒකෙ තියලා මතුපිටින් ඇදේට පිහියෙන් කැපුම් පාරවල් දාගන්න. දැන් මේක තෙත රෙදි කෑල්ලකින් වහලා විනාඩි 45 ක් විතර තියන්න. සෙල්සියස් අංශක 200 ක උෂ්ණත්වය යටතේ 10 ක් ප්‍රීහීට් කරගත් අවන් එකක විනාඩි 40 ක් පමණ බේක් කරගන්න. පසුව උඩින් ඔලිව්තෙල් ස්වල්පයක් බ්‍රශ් කරගන්න.