අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි ග්‍රෑම් 500
- සීනි තේ හැඳි 1
- ඊස්ට් තේ හැඳි 1
- බටර් මේස හැඳි 3
- බිත්තර කහමද 1
- රස අනුව ලුණු
- කිරි කෝප්ප 1/2
සාදාගන්නා ආකාරය
ඊස්ට්වලට ලා රස්නෙ වතුර ටිකක් දාලා විනාඩි 10 ක් පමණ තියන්න. පාන්පිටි, බටර් බිත්තර කහමදය හා ලුණු දාලා අනාගන්න. මේකට ඊස්ට් හා කිරි දාලා සොෆ්ට් ඩෝ එකක් හදාගන්න. පැයක් වහලා තියන්න. නැවත හොඳට අනාගන්න. ඊළඟට බෝල හදලා අඟල් කාලක වගේ ප්‍රමාණයක ඝනකමකට තුනී කරගන්න. පෑන් එකක හෝ රොටි තැටියක දෙපැත්ත පුළුස්සගන්න.