අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි කෝප්ප 2
- බේකින් සෝඩා තේ හැඳි 1
- ලුණු ස්වල්පයක්
- බේකින් පවුඩර් තේ හැඳි 1/2
- මික්ස් ස්පයිසස් තේ හැඳි 1
- ඉඟුරු පවුඩර් තේ හැඳි 1/4
- කුරුඳු කුඩු තේ හැඳි 1/4
- ග්‍රේට්කරගත් සාදික්කා තේ හැඳි 1/4
- එළවළු තෙල් කෝප්ප 1/2
- සීනි ග්‍රෑම් 130
- රතු සීනි ග්‍රෑම් 100
- බිත්තර 2
- වැනිලා ස්වල්පයක්
- පම්කින් පියුරි කෝප්ප 1
- කිරි කෝප්ප 1/4
සාදාගන්නා ආකාරය
හලාගත් පාන්පිටිවලට ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ට් සියල්ලම දමා කලවම් කරගන්න. වෙනම බෝල් එකකට එළවළු තෙල්, සුදු සීනි හා රතු සීනි දාලා විස්ක් කරගන්න. මේකට බිත්තර හා වැනිලා එකතු කරන්න. හොඳට විස්ක් කරලා පම්කින් පියුරි එකතු කරන්න.
කිරි ටිකත් දාලා තවත් හොඳට විස්ක් කරගන්න. දැන් මේක පිටි මිශ්‍රණයට දාලා කලවම් කරගන්න. ඔයිල් පේපර් එකක් දැමූ බ්‍රෙඩ් ට්‍රේ එකකට මේ බැටර් එක දාලා සෙල්සියස් අංශක 170ට විනාඩි 45 – 50 ක් බේක් කරගන්න.