අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පෙති 10
- බිත්තර 2
- පාන් කුඩු අවශ්‍ය පමණට
- බැදගැනීමට පොල්තෙල්
- පිරවුම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
- බැදගත් කුකුල් මස් ග්‍රෑම් 100
- කොටු හැඩයට කපාගත් ලූනු ගෙඩි 1
- චොප් කරගත් අමුමිරිස් කරල් 2
- කොටු හැඩයට කපාගත් තක්කාලි ගෙඩි 1
- සලාද කොළ
- දෙහි ගෙඩි භාගයක යුෂ
- රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු
සාදාගන්නා ආකාරය
පාන් පෙති දෙක බැඟින් ගෙන එකට තියා වාටි කපා ඉවත් කරගන්න. ඉන්පසු රෝලින් පින් එකකින් පාන් පෙති දෙක තුනී කරගන්න. රවුම් හැඩති කටරයකින් තුනී කරගත් පාන් පෙතිවලින් රවුම් කපාගන්න. පසුව කපාගත් පාන් බිත්තර සාරුවල සහ පාන් කුඩුවල දවටා ගැඹුරු තෙලේ බැදගන්න. දැන් බැදගත් පාන් ටික දෙකට මැදින් කපා වෙන්කරගන්න.
පිරවුම සාදාගන්නා ආකාරය
බැදගත් කුකුල්මස් සිහින් තීරුවලට කඩාගන්න. භාජනයකට කුකුල්මස්, කපාගත් ලූනු, කපාගත් තක්කාලි, චොප් කරගත් අමුමිරිස්, සලාදකොළ, ගම්මිරිස්කුඩු සහ ලුණු එකතුකර හොඳින් අනා සදාගත් බ්‍රෙඩ් පොකට්ස්වලට පුරවාගන්න.