අවශ්‍ය ද්‍රව්‍ය
- තලපත් මාළු ග්‍රෑම් 200 ක පෙත්තක්
- කෝන් ෆ්ලා මේස හැඳි 5
- ගම්මිරිස්කුඩු තේහැඳි 2
- මිරිස්කුඩු තේහැඳි 2
- කහකුඩු තේහැඳි 1/2
- බිත්තර 2
- පාන්කුඩු
- රස අනුව ලුණු
- බැදගැනීමට තෙල්
සාදාගන්නා ආකාරය
මාළු පෙත්ත ගෙන සිහින් දිග තීරූ කපාගන්න. මාළුවලට කහකුඩු, ගම්මිරිස්කුඩු, මිරිස්කුඩු සහ ලුණු එකතුකර මැරිනේට් වෙන්නට පැයක් පමණ ශීතකරණයේ තබන්න. ඊලඟට මැරිනේට් කරගත් මාළු තීරු කෝන්පිටිවල, බිත්තර සාරුවල සහ පාන්කුඩුවල දවටා ගැඹුරු තෙලේ බැදගන්න.