අවශ්‍ය ද්‍රව්‍ය
- ලොකු ඉස්සන් ග්‍රෑම් 250
- මිරිස්කුඩු තේ හැඳි 1
- ගම්මිරිස්කුඩු තේ හැඳි 1
- කහාකුඩු තේ හැඳි 1
- සුදුලූනු පවුඩර් තේ හැඳි 1/2
- දෙහි ගෙඩියක ඇඹුල්
- රස අනුව ලුණු
- බැටර් එක සඳහා අවහ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි මේස හැඳි 5
- කෝන් පිටි මේස හැදි 1
- බිත්තර 1
- කහකුඩු පිංච් එකක්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
ඉස්සන් පොතු ඉවත් කර හොඳින් සෝදගෙන වතුර බේරෙන්න හරින්න. එයට කහකුඩු, මිරිස්කුඩු, ගම්මිරිස්කුඩු, සුදුලූනු පවුඩර්, දෙහි යුෂ සහ ලුණු එකතුකර මැරුනේට් වෙන්නට පැයක් පමණ හරින්න.
බැටර් එක සාදාගන්නා ආකාරය
පාන්පිටි, කෝන්පිටි එකතුකර හොඳින් කලවම් කරන්න. එයට කහකුඩු, ලුණු සහ බිත්තරය එකතුකර බැටර් එකක් සදාගන්න. ඊලඟට මැරිනේට් කරගත් ඉස්සන් මේ බැටර් එකේ තවරා අඩු ගින්දරේ ගැඹුරු තෙලේ රන්වන් පාට වනතෙක් බැදගන්න.