අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 6
- කොටුහැඩයට කපාගත් කැරට් අල 1/2
- කොටුහැඩයට කපාගත් ලූනූ ගෙඩි 1/2
- චොප් කරගත් අමුමිරිස් කරල් 3
- කොටු හැඩයට කපාගත් තක්කාලි ගෙඩි 1/2
- කෑලි මිරිස් මේස හැඳි 1
- ගම්මිර්ක්ස්කුඩු මේස හැඳි 1
- මොසැරැල්ලා චීස් ග්‍රෑම් 100
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
භාජනයක් ගෙන එයට බිත්තර කඩා එකතුකරගන්න. බිත්තර ටික විස්ක් එකකින් හොඳින් විස්ක් කරගන්න. එයට කපාගත් ලූනු, කපාගත් කැරට්, කපාගත් තක්කාලි, චොප් කරගත් අමුමිරිස්, කෑලිමිරිස්, ගම්මිරිස්කුඩු සහ ලුණු එකතුකර නැවත විනාඩියක් පමණ හොඳින් විස්ක් කරගන්න. දැන් සදාගත් මිශ්‍රණය මෆින් ටේ්රවලට දමා උඩින් ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් එකතුකර සෙල්සියස් අංශක 120 ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 10/15 අතර කාලයක් බේක් කරගන්න.