අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් බිත්තර 6
- පොතු ඉවත්කර බැදගත් ඉස්සන් 12
- මයෝනියි මේස හැඳි 2
- ක්‍රීම් චීස් මේසහැඳි 1
- ගම්මිරිස්කුඩු තේහැඳි 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
තම්බාගත් බිත්තර නොකැඩෙන ලෙස දෙකට මැදින් කපාගන්න. කපාගත් බිත්තරවල කහමද වෙන්කර වෙනම භාජනයකට එකතුකරගන්න. එයට ගම්මිරිස්කුඩු, මයෝනියිස්, ක්‍රීම් චීස් සහ ලුණු එකතුකර හොඳින් කලවම් කරගන්න. දැන් මෙම මිශ්‍රණය පයිපින් බෑග් එකකට දමා නොසල් එකක් ආධාරයෙන් කපාගත් බිත්තරවලට පුරවාගන්න. ඉන්පසු බැදගත් ඉස්සන්ගෙන් එම බිත්තර සරසා ගන්න.