අවශ්‍ය ද්‍රව්‍ය
- ලොකු කුරුඳු කැබැල්ලක්
- එන්සාල් 6 ක්
- ගම්මිරිස් ඇට තේ හැඳි 1/2
- කරාබුනැටි 4
- වතුර කෝප්ප 2 1/2
- තලාගත් ඉඟුරු මේස හැදි 1
- තේ කොළ මේස හැඳි 3
- ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 2
- රස අනුව සීනි
සාදාගන්නා ආකාරය
කුරුඳු, එන්සාල්, ගම්මිරිස් සහ කරාබුනැටි මදක් තලාගන්න. භාජනයකට කුළුබඩු, ඉඟුරු හා වතුර එකතු කරගන්න. ඉහළ ගින්දරේ උණු කර විනාඩි 15 ක් ගින්දර අඩු කර පිස ගන්න. තේ කොළ, කිරි සහ සීනි එකතු කර පියන වසා විනාඩි 5 ක් පමණ පිස ගන්න. ඒ අතර විටින්විට හැඳි ගාන්න. ළිප ඕෆ් කර තවත් විනාඩි 5 ක් පමණ පියනකින් වසා පෙරා ගන්න.