අවශ්‍ය ද්‍රව්‍ය
- ෆ්‍රෙශ් මිල්ක් මිලිලීටර් 200
- කොකෝවා පවුඩර් තේ හැඳි 3
- කුරුඳු කුඩු තේ හැඳි 1/2
- අයිසින් සීනි ග්‍රෑම් 15
- වැනිලා තේ හැඳි 1/4
- විපින් ක්‍රීම් ග්‍රෑම් 70
සාදාගන්නා ආකාරය
බෝල් එකකට විපින් ක්‍රීම් එකතු කර බීට් කරන්න.එයටම සීනි හා වැනිලා එකතු කර පීක් එනතුරු හොඳින් බීට් කරගන්න. ක්‍රීම් ටික ශීතකරණයේ තියන්න. උස මග් එකකට කොකෝවා පවුඩර් සහ කුරුඳු කුඩු එකතු කර කලවම් කර ගන්න. උණු කරගත් කිරි එයට වක්කර හොඳින් දිය කර ගන්න. උඩින් විපින් ක්‍රීම් එකතුකර පිලිගන්වන්න.