අවශ්‍ය ද්‍රව්‍ය
- කිරිපිටි කෝප්ප 2
- පාන්පිටි තේ හැඳි 4
- රුලං තේ හැඳි 4
- බිත්තර 1
- බේකින් පවුඩර් තේ හැඳි 4
- ගිතෙල් ස්වල්පයක්
- සීනි සිරප් එකට
- සීනි කෝප්ප 2
- කුරුඳුපොතු කැබැල්ලක්
- වතුර කෝප්ප 2
- එනසාල් ඇටයක්
සාදාගන්නා ආකාරය
බිත්තරය හොඳට බීට් කරගන්න. ඊළඟට පාන්පිටි, රුලං, කිරිපිටි කලවම් කර බීට් කරගත් බිත්තරය දමාගන්න. ඩෝ එක අනාගෙන අවශ්‍ය නම් කිරි ස්වල්පයක් එකතු කරගන්න. සාදාගත් ඩෝ එකෙන් පොඩි බෝල හදාගන්න.
රත් වූ පෑන් එකකට ගිතෙල් එකතු කර සාදාගත් බෝල ටික මද ගින්නේ බැදගන්න. භාජනයකට සීනි සිරප් එකට අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල දමා නූල් ඇදෙන පදමට උණුකරගෙන ගුලාබ් ජමුන් ටික දාලා හොඳට සිරප් එක උරාගන්න තියන්න.