අවශ්‍ය ද්‍රව්‍ය
- ටින්කිරි ටින් 1
- හාල් පිටි හුන්ඩු 2
- පාන් පිටි හුන්ඩු 1
- උකු පොල්කිරි මේස හැඳි 2
- බිත්තර 1
- ලුණු තේ හැඳි 2
- සීනි පැණියට අවශ්‍ය ද්‍රව්‍ය
- සීනි ග්‍රෑම් 125
- වතුර කෝප්ප 1/2
සාදාගන්නා ආකාරය
උණුකර ගත් ටින්කිරිවලට පොල්කිරි එකතු කර නටන තුරු කලවම් කරන්න. ළිපෙන් ඉවත් කරගෙන එයට හාල් පිටි, පාන් පිටි, ලුණු සහ බිත්තරය එකතු කර තද මෝලියක් සෑදෙන තුරු හොඳින් මිශ්‍රකර ගන්න.
ඉන්පසු අඟල්1/4 ක ඝනකමට රෝල් කර විවිධ හැඩයන්ට කපා රන්වන් පැහැය ලැබෙන තුරු අඩු උෂ්ණත්වයක ගැඹුරු තෙලේ බැදගන්න. ඉන්පසුව සීනි සහ වතුර හැන්දකින් තනි නූලක් ආකාරයට වැටෙන තුරු රත්කර බැදගත් මුරුක්කු ටික දමා කලවම් කරගන්න.