අවශ්‍ය ද්‍රව්‍ය
- සිහින්ව කපාගත් රටඉඳි කෝප්ප 1
- කිරි කෝප්ප 1
- සීනි කෝප්ප 1
- ගිතෙල් කෝප්ප 1
- බැදපු රටකජු කෝප්ප 1/2
සාදාගන්නා ආකාරය
කිරි එකට රටඉඳි එකතුකර මද ගින්නෙන් මෘදු වන තුරු පිස ගන්න. ඉතිරි අමුද්‍රව්‍ය එකතු කර උකුවන තුරු හොඳින් හැඳි ගාගන්න. මිශ්‍රණයේ ස්වල්පයක් අතට ගෙන ඇඟිලිවල රේඛා නොඇලෙන පදම පරීක්ෂා කරන්න. ඉන්පසුව බටර් ස්වල්පයක් තවරාගත් තැටියකට මිශ්‍රණය දමා නිවෙන්න හැර කැබලිවලට කපාගන්න.