අවශ්‍ය ද්‍රව්‍ය
- කෙසෙල් ගෙඩි කිහිපයක්
- චොකලට් චිප්ස් කෝප්ප 1
- පෑන්කේක් මික්ස් පැකට් 1
- බිත්තර 1
- ඔලිව්තෙල් මේස හැඳි 1
- කිරි කෝප්ප 3/4ක්
සාදාගන්නා ආකාරය
කෙසෙල් ගෙඩිය ලෙලි හැර ගෙඩියක් තුනකට කපාගන්න. චොකලට් චිප්ස් ටික මයික්‍රොවේව් දමා මෙල්ට් කරන්න. දැන් කෙසෙල් ටික පොප්සිකල් ස්ටික්වල රඳවා චොකලට්වල තවරා ශීතකරණයෙ තබන්න.
පෑන් කේක් මික්ස් එකට බිත්තරය, ඔලිව්තෙල් සහ කිරි දමා හොඳින් ගසාගන්න. තික් බැටර් එකක් සාදාගෙන ශීතකරණයේ තැබූ කෙසෙල් ටික මේ බැටර් එකේ දාමා ගැඹුරු තෙලේ බැදගන්න. උඩින් අයිසින් ෂුගර් ඉස කෑමට ගන්න.