අවශ්‍ය ද්‍රව්‍ය
- පැශන්ෆෘට් යුෂ කෝප්ප 1
- පැශන්ෆෘට් ගෙඩි 1
- පාන්පිටි කෝප්ප 3
- කුඩුකරගත් සීනි කෝප්ප 1/4
- ලුණු ස්වල්පයක්
- මෙල්ට් කරගත් බටර් මේස හැඳි 12
- සීනි කෝප්ප 3
- බිත්තර 8
සාදාගන්නා ආකාරය
පාන්පිටි කෝප්ප 2 1/2 සහ කුඩුකරගත් සීනි සමග එක්ව හලලා බෝල් එකකට දමා එයට ලුණු එකතු කර කලවම් කරගන්න. ඉන්පසු මෙල්ට් කරගත් බටර් ටික එකතුකර මිශ්‍ර කරගන්න. දැන් මේ මිශ්‍රණය ග්‍රීස් කරගත් තැටියක ඔයිල් පේපර් එකක් ද දමා මිශ්‍රණය එකතුකර එය තද කරගන්න. දැන් මෙය සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වය යටතේ විනාඩි 20 ක් පමණ බේක් කරගන්න.
වෙනම බෝල් එකකට ඉතිරි පාන්පිටි හා සීනි ටික එකතුකර කලවම් කර පැශන් ෆෘට් යුෂ ටික එකතුකරගන්න. මෙයට බිත්තර ටිකද එකතුකර හොඳින් විස්ක් කර තික් බැටර් එකක් සාදාගන්න. මෙය බේක් කරගත් ටේ්ර එකට දමා තවත් විනාඩි 25 ක් පමණ බේක්කරගන්න.දැන් මෙය පැය දෙකක් පමණ ශීතකරණයේ කෑලි කපා උඩින් අයිසින් ශුගර් ටිකක් ඉසගන්න.