අවශ්‍ය ද්‍රව්‍ය
- පෙඟෙන්න දැමූ කඩල ග්‍රෑම් 200
- ඊස්ට් තේ හැඳි 1/2
- රස අනුව ලුණු
- කෑළි මිරිස් තේ හැඳි 1/2
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 2
- සිහින්ව කපාගත් කරපිංචා ස්වල්පයක්
- සිහින්ව කපාගත් කොච්චි ස්වල්පයක්
- කඩාගත් වියළිමිරිස් කරල් 3
- බැදීමට තෙල්
සාදාගන්නා ආකාරය
පෙඟෙන්න දැමූ කඩල ටික හොඳට ග්‍රයින්ඩ් කර ලුණු, කෑළි මිරිස්, ඊස්ට් හා ලියාගත් සියල්ලම දමා හොඳට අනාගන්න. පසුව පැයක් වගේ තියලා අතේ තෙල් ගාගෙන ඩෝ එකෙන් පොඩ්ඩක් අරන් පැතලි කර ගැඹුරු තෙලේ බැදගන්න.