අවශ්‍ය ද්‍රව්‍ය
- බෝල්ලෝ මාළු ග්‍රෑම් 500
- තලාගත් සුදු ලුනු බික් 2
- තලාගත් ඉඟුරු කැබැල්ලක්
- රම්පේ
- කරපිංචා
- අමු මිරිස්
- කුරුඳු පොතු කැබැල්ලක්
- ගොරකා පේස්ට් ස්වල්යක්
- මිරිස් කුඩු තේ හැඳි 2
- ගම්මිරිස් කුඩු තේ හැඳි 2
- බැදපු තුනපහ තේ හැඳි 2
- රස අනුව ලුණු
- පොල්තෙල් මේස හැඳි 2
සාදාගන්නා ආකාරය
මාළු ටික හොඳින් සෝද ගෙන ලුණු, ගොරකා පහේ වර්ග ටික දමා හොදින් අතගාගන්න. භාජනයක් ළිප තියා එකට පොල්තෙල් ස්වල්පයක් දමා රත් වුණාට පසුව තලා ගත්ත ඉඟුරු සුදු ලුනු දමා මදක් බැද ගන්න.
දැන් රම්පා කරපිංචා කුරුඳු පොතු එකටම එකතු කර පොඩි වෙලාවක් තියන්න. සේරම ටික හොඳින් කවලම් කර මිරිස් කුඩු, තුනපහ කුඩු තේ හැන්දක් පමණ දමා ටිකක් හැදිගාන්න පහේ ටික මදක් කළු පාට වෙනකල් බැදගන්න.
පසුව මාළු ටික දමා ටිකක කලවම් කර මාළු ටික වැහෙන්න වතුර දමා පියනකින් වසා අඩු ගින්දරේ පිස ගන්න. විනාඩි 10 කින් පසුව ළිපෙන් ඉවත් කරගන්න.